“අල” ගමනය සහ “දෙනුවන්”ගේ ආගමනය..

මැයි 28, 2012

සරසවියේ මතකය අවදි කරමින් කලින් ලිපිය ලියද්දි තවත් බොහෝ සෑඟවුන මතකයන් අවදි උනා.. පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට මුලින්ම අපි පිය නැගුවෙ ඉංග්‍රීසි පාඨමාලාවට සාභාගිවෙන්න. කුඩා කණ්ඩායම් වලට වෙන්කල අපේ ඉංග්‍රීසි පාඨමාලාව වෙන වෙනම් පන්තිවලට පැවැත්වුනා. ලංකාවේ නන්දෙසින් සරසවියට තෝරාගත් පිරිසක් එයට සාභාගිවුනා. සරසවිට මුලින්ම පියනගද්දි ඇඟ කිලිපොලා යන වචනය තමයි “නවක වදය”, එහෙමත් නැතිනම් “රැග්” එක, ඉංග්‍රීසි පාඨමාලාවත් එක්කම “රැග්” එකත් අපේ කට්ටියට පටන් ගත්තා. “රැග්” එක කියන්නෙ මොකකද කියල හරි දැනුමක් නොතිබුනත්, වෙන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුතුහලයක් අපි ඔක්කොටම තිබුන.. දිවා ආහාරයට “විජෙවර්ධන” ශාලාවේ කැන්ටිමට අපි ඔක්කොම එක රොත්තට ඇදුන.. එකෙ හිටපු අයියල අක්කල අපි දිහා බැලුවේ පුදුම විදිහකට.. දවස දෙක ගෙවිල ගියා, අපේ නම, ඇඳුම, පාවහන්, ෆයිල් කවර සහ කොන්ඩය වෙනස් කල යුතු ආකාරය ගැන දැනුවත් කලා. හරියට බැලුවොත් අපේ බාහිර ඔපය වෙනස් කරල එකට අලුත් නමක් දැම්ම වගෙ වැඩක් කරන්න හදන්නෙ. ඩෙනිම්, ටී-ෂර්ට් තහනම් කලා.. කඩදාසි ෆයිල් කවර අතට ආව, පොලිමේ ආ පස්සට ගියා, බත් පත් එකට අනාගෙන හවුලෙ කැවා.. මට ෂර්ට් තිබුනෙ නැති නිසා සති අන්තෙ ගෙදර ගිහින් ටවුමෙන් ෂර්ට් 3ක් ගත්තා.. හැමෝටම ඩෙනිම් ටී ෂර්ට් නැති නිසා අපේ ඇඳුම වෙනස් කලත්, මම නම් තිබුන ඇඳුම් අඳින්න තහනම් නිසා අලුත් ඒවා ගත්තා.

මේ අතරේ තව කට්ටියක් ඉන්නව අපි එක්ක එන්නෙ නැති, එයාල ඩෙනිමක්, ටී-ෂර්ට් එකක් දාගේන් සැහැල්ලු විදිහට “ෆැකල්ටි කැන්ටින්” එකෙන් දවල්ට කාල එනව. අපේ පන්තියෙත් එහෙම එක්කෙනෙක් හිටිය, ඒ අරුණ, අරුණ එන්නෙ ඩෙනිමක්, ටී ෂෑර් එකක් ඇඳල, සපත්තු කුට්ටමකුත් දාගෙන ලෙදර් බෑග් එකකුත් එල්ලගෙන.. අරුණගෙන අපි අහල බැලුව මොකක්ද මේ වෙනස කියල, ආ.. අපි “අල” නෙ.. රැග් වෙන්නෙ නෑ.. කැමතිනම් අද දවල්ට “ෆැකල්ටි කැන්ටින්” එකට එන්න. අරුණ අපිට කිව්වා..

එක පාරම “අල” වෙන්නෙ කොහොමද? මොකක්ද මේ වෙනස කියල සොයල බලන්න හිතුනා. අල වුනොත් කුප්පි නෑ, හොස්ටල් නෑ, බැච් ට්‍රිප් නෑ, කොමන් රූම් නෑ… නැති දෙවල් ගැනම තමයි කතාව. ඒත් අපිට කියල නිදහස් විදිහට ඉන්න පුළුවන් නම් තියෙන දෙයක් කාල ඇඳල.. කාටවත් කරදරයක් නැතිව.. “නෑ” කියන සියල්ල නැති උනත් අපිට අපේ නිදහස තියෙනවනෙ..

මේ කාලෙ වෙනකොට ඉසිපතන විද්‍යාලයේ ඉඳල සරසවියට ආපු “අලස්” මගෙත් එක්ක එකට හිටිය.. ඒත් එක්කම විජෙවර්ධන ශාලාවෙන් දවල්ට කන්න යන අය එකා දෙන්න සවස් කාලේ ආවෙ නෑ.. පහුවෙනිද බලනකොට අයියල එයලව එක්ක ගිහින්.. මේ වැඩේ හරියන්නෙ නැහැ අපි ෆැකල්ටි කැන්ටීන් යමු, එක දවසක් දවල් අලස් සහ මම තීරනය කලා, අපි නිදහස් තීරනයක් ගත්තා. ඒ වෙනකොට ෆැකල්ටි කැන්ටීන් එකෙන් කන “අල” වෙච්ච 30 – 40 හිටිය. මට මතක විදිහට අපි දෙන්න තමයි එතනට ආපු අන්න්තිමයො දෙන්න.. “අල” වෙන්න එහෙම ලෙහෙසි වුනත්, ඔලුව උස්සන් ඉන්න පහසු උනෙ නැහැ.. හැමදාම තර්ජන ගර්ජන, තහංචි. හැබැයි ඒ සියල්ල මැදින් නිදහස් ජීවිතයක් ගත කරන්න අපි ලොකු පන්නරයක් ලැබුවා.. අපි ඒ පන්නරය තුලින් විද්‍යා පීඨය තුල සැබෑ වෙනසක් ඇති කලා. ඒ අත්දැකීම් මගේ ජීවිතයට අදටත් ලොකු හයියක්. අපි ඔක්කොම එකතුවෙලා සරසවි ජීවිතය පැහැදිලි ලෙසම රසවින්ඳා, “නෑ” කියපු කිසි දෙයක අඩුවක් අපිට දැනුනෙ නෑ. ඒ රසවින්ඳනයේ මතකය හරිම සුන්දරයි..

එදා “ෆැකල්ටි කැන්ටීන්” එකේ අපි හමු වෙලා දැන් අවුරුදු 15 විතර ඇති.. ලොව නන්දෙස සිටියත් අපි බොහෝ දෙනෙක් අදත් සමීපව සිටිනව සිටිනවා. අපි හැමෝම දෙමව්පියො අපිට දාපු.. උප්පැන්නෙ ලියවිලා තියෙන නම් වලින් එකිනෙකා හඳුනනවා, අපි එකිනෙකා කතා කලේ අපේ සැබෑ නම් වලින්.. “උරුලෑවො” ” ගල් ඉබ්බො” අපි එක්ක හිටියෙ නැහැ.. සරසවියට එන්න කලින් මාව බොහෝ දෙනෙක් ඇමතුවෙ “චමත්” කියලා.. සරසවියෙදි මගෙ නම ඇහුවම මට හිතුන නමේ ඉතිරි කොටස වන “දෙනුවන්” කියන්න. නම අහල “දෙනුවන්” කියපු අවස්ථාවක “ඒක නමක් ද” කියල අහපු අයත් හිටිය.. සරසවියෙන් පස්සෙ මාව බොහෝ දෙනෙක් දන්නෙ “දෙනුවන්” කියන කොටසෙන් වුනත් පාසල් සමයේ මිතුරන් බොහොමයක් තවමත් මා හඳුනන්නෙ ” චමත්”  යන නමින්..

Advertisements

4 Responses to ““අල” ගමනය සහ “දෙනුවන්”ගේ ආගමනය..”


  1. දෙනුවන් මල්ලි. අල වෙන්න සහය දුන්න ‍ජේෂ්ඨ අයියලා ගැනත් මතකේ තිබුනනම් තමයි හොද……

  2. sithila Says:

    There’ re lot of comment to write here.. sithila’s comments comming soon..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: