රබර් කැරපොත්තා

May 30, 2012

සරසවියෙදි වැඩිම කාලයක් මම ගතකල “ඩී 14” නවාතැනේ අනිත් කාමරේ හිටපු කෝසල ගෙදර ගිහින් එනදාට අමුතු අමුතු ගැජමැටික් අරගෙන එනවා. එක දවක් ඔය වගේ ගෙදර ගිහින් ආපු දවසක රබර් කැරපොත්තෙක් අරගෙන ඇවිත් තිබුනා. ඔයවගෙ දෙයක් අරගෙන ආවම ඒකෙන් කරන්න පුලුවන් දෙවල් ගැන සැලසුම හදන්නෙ අපේ කාමරේ. එදා සවස සුපුරුදු අයුරින් ක්‍රීඩා කරන්න කලින් අපි “මිෂන්” එක සැලසුම් කලා.

ධර්මරාජේ ඉඳල සරසවියට ඇවිත් “ගල්” විශේෂ උපාධි පාඨමාලව හදෑරුවත් “කැරපොත්තෙක්” දුටු විගස ඇඟ කිලිපොලායන මලවි එදා නවාතැනට අපිත් එක්ක ඇවිල්ල හිටියෙ නෑ. නිදාගන්න ඇඳේ කොට්ටේ උඩ පිලිවෙලට සරම සහ පොරවනය නමල යන පුරුද්ද මලවිට තිබුනා. අපි සැලසුම් සහගතව පොරවනය සහ සරම අතරින් රබර් කැරපොත්ත ස්ථානගත කලා.

දේශන අවසන් වෙලා සරසවියෙන් නික්ම ඇවිත් නවාතැනට එකතුවන අපි අපේ නවාතැන් ගෙමිදුලෙ පුංචි ක්‍රිකට් අතක් සෙල්ලම් කරන්න අමතක කලෙත් නෑ. නාන්න යන ගමන් තුවායත් ඇඳගෙන ඇවිත් එක අතකින් තුවාය අල්ලගෙන අනික් අතින් පිත්ත හසුරන නාලක වගේම එකිනෙකාට ආවේනික ක්‍රීඩා විලාශයක් තිබුන බොහෝ දෙනෙක් අපි අතර හිටියා. වේග පන්දු යවන්න අයට වඩ දඟ පන්දුවලට තමයි අපේ “ක්‍රීඩා පිටිය” සුදුසු වුනේ. වේග පන්දු පිත්තේ ගෑවුනත් නොවුනත් මාන කැලේට යන නිසා සෙල්ලං කරන එක පැත්තකින් තියල බෝල හොයපු දවස් එමට තිබුන නිසා.

කට්ටිය මොනවත් නොදන්න  ආකාරයෙන් ක්‍රීඩා කරනවා. මලවි ඇවිල්ල බලාගෙන ඉන්නවා. වෙනද වගෙ ඇඳුම් මාරු කරලත් නැහැ, මුහුණෙ කිසිම ප්‍රියමනාපෙකුත් නැහැ. මොකෝ මලවි වෙලා තියෙන්නේ මම හිමිහිට ලංවෙලා ඇහුවා “මාර වැඩේ කැරපොත්තෙක් මැරිල හිටිය මගේ සරමයි, පොරවනයයි අතරෙ, අඳින්න වෙන ඇඳුමකුත් නැහැ, ඔක්කොම ටික ගෙදර ගෙනිච්ච හෝදන්න. දැන් ගෙදර යන්න වෙලාවකුත් නැහැ, මාවනැල්ලට ගියත් එතනින් එහාට පයින් තමයි..” නෝක්කාඩු ගොඩයි

“මොකද අපි ඉතින් කරන්නේ…” කියාගෙන මම හිමිහිට ඇඳ දිහා බැලුවා, සරම සහ පොරවනය දෙකම පෙනෙන්න නැහැ. කෝ ඉතින් ඒ කැරපොත්තා, කෝ ඇඳුම් ටික මම ඉක්මනින්ම ඇහුව.. මේ වෙනකොට කෝසලත් ලඟ පාතින් කැරකි කැරකි හිට්ය. කැරපොත්තනම් අර කුනුගොඩට විසිකලා, ඇඳුම් ටික වැලට දැම්ම උදේට සෝදල දානවා කියල මලවි කිව්ව. එකවරම තූෂ්නිම්භූතවෙලා වගේ මලවි පෙන්නපු කුනුගොඩ දිහා බලාගෙන හිටපු කෝසල කාමරේට ගිහින් විදුලි පන්දමක් අරගෙන කුනුගොඩ දිහාවට දිව්වා.. “මොනවද බං හොයන්නෙ” මල්වි කොසලගෙන් අහනව.. “නෑ මොකුත් නෑ” කියමින් කුනුගොඩ පාදපු කෝසල ඔය එන්නේ “රබර් කැරපොත්තව” අතේ අරගෙන. “උඹල නම්තියල වැඩක් නැහැ” කියාගෙන දවල් ඇඳගෙන ගිය ඇඳුම පිටින් නිදාගන්න හිටිය මලවිගෙ රෙදිවැල ගාවට ගියෙ හෙට හෝදන්න දාපු සරම සහ පොරවනය අරගෙන එන්න..

පාළුව කාංසිය මකාගන්න ඔයවගෙ පුංචි පුංචි “මිෂන්” එකක් අපේ කාමරෙ ඉඳ හිට හරි සැලසුම් වුනා. සමහදාට මම නොදැන කරපු දෙවල් වලටත් මාව අල්ලගත්තේ “දෙනුවන් නොදැන මෙතන දෙයක් වෙන්න බැහැ” කියාගෙන.

සිය ආචාර්ය උපාධිය නිමකොට මව්බිමට පැමින නැවතත් තමන් සිටි “ගල්” ඩිපාර්ට්මන්ට් එකේ සේවය කරන මලවි මීට මාස කිහිපයකට පෙර පෙරාදෙණියෙදි මට හමු වුනේ මහසිළුගේ විවාහ මංගල උත්සවයෙදි… මමත්, මලවිත් සිළුත් එකම නවාතැනක සිට සරසවියෙන් නික්ම ගිය පසු එකට හමු වුනේ වසර ගනනාවක පසුව වූවත් අපේ සදාතනික මිතුදම සහ අතීත මතක සටහන් කිසිදා අමතක වෙන්නේ නැහැ

Advertisements

3 Responses to “රබර් කැරපොත්තා”


  1. Nice memories machan. We had a great time in those campus days.

  2. දෙනුවන් Says:

    සුදු කිරි වීදුරුවක් එක්ක පාන් බාගයක් කන්න බෝඩිමේ ඉඳල ගෙදර ගිය අපේ යාළුවෝ…

  3. Dinakara Says:

    සුන්දරයි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: