ගම් මැද්දෙන් පිපෙන කැකුළු…

May 31, 2012

මතකයේ සටහන එක්ක සිංහරාජය පැත්තට යන්න තීරනය කලේ සොබා සෞන්දර්ය ගැන කතා කරන්න නොවේ. මේ කතා කරන්නේ සිංහරාජ වනපෙත් සීමාවේ තියෙන පුංචි වුනත් ලොකු වැඩ කරන පාසලක් ගැන. කතාව කියන්න කලින් මේ ගමට මට යන්න වුනේ ඇයි කියන එක ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.

මම ඩී.එල්.සී ආයතනයේ සේවය කරන කාලෙදි අධ්‍යාපන අමාත්‍යංශය යටතේ “දැනුමැති සමාජයක් උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය” සංවිධානය කල ගුරු පුහුණු වැඩමුළු බොහොමයකට සම්පත් දායකත්වය දෙන්න අවස්ථාව ලැබුන. ඒ හා සම්බන්ධ වුන පාසල් බොහොමයක් නගරයෙන් ඔබ්බට පිහිටල තිබුන සාමාන්‍ය පාසල්. නගරයේ සුපිරි පාසල්වලට ඇති පහසුකම් වලින් අල්පයක් තරම් පහසුකම් ලද එම පාසල් බොහොමයක් වෙනුවෙන් මහත් කැපවීමකින් වැඩකටයුතු කරන ගුරුභවතුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට මෙන්ම ඔවුනට නිසි මග පෙන්වීමේ වාසනාවද ඒ කාල තුල මට ලැබුනා. දිවයින පුරා විසිරුන පිරිසක් හඳුනාගැනීමේ වාසනාවද මේ කාලය තුල මට ලැබුනා.

මගේ දේශනවලට සාභාගිවුන සියලු දෙනාම දන්නා පරිදි මා විසින් දේශන පවත්වාගෙන ගිය පිලිවෙලින් ඔබ්බට යන්නට කිසිම කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අතරවාරයේ එක දවසක දේශන අතර වාරයේ වෙනත් කාර්යයක යෙදෙන අයෙකු පිලිබඳ මගේ ඇස ගැටුනේ. එවන් අවස්ථාවක මම ඒ අසලට ලංවන විට අදාල නොවන කාර්යයක නිරතවන බොහෝ දෙනක් තැතිගැන්මට ලක්වන නමුත් මෙම පුද්ගලයා ඔහුගේ කාර්ය දිගටම කරගෙන ගියා. තවත් විපරම් කරල බලනකොට මොකක්ද මේ වෙන්නෙ.. ඔහු මගේ දේශනය කොලයක සටහන් කරනවා වෙනුවට “පවර් පොයින්ට්” ඇසුරින් සකස් කරනවා. ඉතාම කඩිසරව, පිලිවෙලට සකස්කරමින් සිටි ඔහුගේ උත්සාහය දුටු මම බොහෝ සතුටට පත්වුනා. ඔහු කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරුන් ඔහුගේ නිර්මානය සකස් කලා. එය ඉතාම සාරවත් නිර්මානයක් බව ඔහු යෙදු වෑයම තුලින් වැටහුනා. “මෙහෙම එකක් හදාගත්තොත් මට මේක ගෙනිහිල්ල ලමයින්ට දෙන්න විතරයි තියෙන්නෙ, එයාල මේක බලල තනියෙම ඉගෙනගන්නව” ඔහුගෙ වෑයම ගැන ඔහු මට වරෙක මට පැවසුවා. දින තුනක් පුරා පැවති වැඩමුළුව අවසන්වන මොහොතේ ඔහු නැගී සිටියා. “සර් මම හදපු පවර් පොයින්ට් එක ෂෙයාර් ෆෝල්ඩර් එකට දැම්ම, අනික් අයට ගන්න කියන්න.. සර්ගෙ මුළු දේශනයම ඒකෙ තියෙනවා..”

ලියූ කටු සටහනක් වත් අනෙකෙකුට නොදෙන අවස්ථා බොහොමයක් සියැසින් දුටු මට සැබැවින්ම සිදුවන්නේ කුමක්ද කියා සිතාගන්නත් බැරිව ගියා.. ඔහුගේ නිර්මානය සියලුදෙනාම සතුටින් රැගෙන ගියා. ඔහු දේශන ශාලාවෙන් නික්ම යන්නට පෙර මම ඔහු හමු වුනා.. “ඔහු දැනුම දෙන පාසල, පිහිටි ප්‍රදේශය ලඟාවන ආකාරය ගැන ඔහුගෙන් විමසා දැනගත්තා.. “ඊලඟ පාසල් නිවාඩුවට මම රඹුකට එනවා.. එන්නේ ඔබතුමාගේ පාසලට” ඔහුගේ මුහුන සතුටින් පිරී ඉතිරෙනව මම දැක්ක.. ඔහු මට ස්තුති කරමින් මගෙන් සමුගෙන ගම රට බලා නික්ම ගියා.. අපි කිහිප වාරයක් දුරකථනයෙන් සම්බන්න්ධ වුනා. 2009 අවුරුද්දේ දෙසැම්බර් නිවාඩුව.. මගේ ගමන සැලසුම් කලා. ගූගල් මැප් එකෙන් බලල යන පාර කලින් හොයා ගත්තා.. ඉන්න නවාතැනකුත් ලැබුනා.. මමයි, මධුයි පුංචි පුතයි.. පුතාට වයස අවුරුද්දක් ගෙවුන විතරයි.. අපේ සහයට හිටපු අයත් එකතු කරගත්තා. ගමන පිටත් වුනා.. රක්වාන හරහා කලවාන පාර.. අපි නැවතුනේ “හඳපාන් ඇල්ල රෙස්ට්”, එතන සිට පාසලට කිලෝමීටර 9ක් පමන තිබුනා.. ඒත් යන්න ගතවෙන කාලය පැය එක හමාරයි.. කිසි දිනෙක නොදුටු තරම් දුෂ්කර මාර්ගයක් ගෙවාගෙන අපි පාසලට ලඟාවුනා..

පාසල “රඹුක මහා විද්‍යාලය”, විජයවර්ධන ගුරුතුමා ඇතුලු සිසුකැල මග බලාගෙන ඉන්නවා.. අටුවා ටිකා පැත්තකට දාල ගිය සැනින් වැඩේ පටන් ගත්තා.. කෙටි කාලයකින් .. ෆොටෝෂොප්, ඉලස්ට්‍රේට වගෙම ෆ්ලෑෂ් ගැනත් කතා කලා, සිසුන් පිරිස බොහොම උනන්දුයි.. සියලුදේ හොඳින් ග්‍රහනය කරගන්න උත්සාහ කරනවා.. මධූ අපේ පුන්චි පුතාව පාසල් වත්තෙටෙ මෙරිගෝරවුන්ඩ් පද්දනව…. දිවා ආහාරය ලඟම ගෙදරකින්.. ගමේ විදිහට අව්‍යාජ කෑම වේලක්.. විවෙකයකට වෙලාවක් නැහැ ආයෙත් වැඩ.. ආයෙත් ආපු පාරෙන්ම නවාතැනට යන්න එපායේ.. අපි ආයෙත් ආයෙත් හමු වෙන්නෙ එක දවසක් පහු වෙලා, හෙට මම සිංහරාජෙ යනව.. සියල්ල සතුටින් නිමා කලා.. ඊලඟ දවසේ උදේ අපි සිංහරාජෙ ඇවිදින්න ගියා, මගෙ සහයට සිංහරාජ වනාන්තරය ගැන දැනුමක් තියෙන සිසු දරුවෙක් අපි එක්ක එකතු වුනා. එදා දවසත් සතුටින් ගෙවුනා.. අන්තිම දවස.. මම නැවතත් පාසලට ලඟාවුනා.. සියලු දෙනාම උදෙන්ම ඇවිල්ල.. හිතුවට වඩා වැඩ බොහොමයක් කරල.. තව අලුත් කට්ටියත් ඇවිල්ල.. ගැටළු බොහොමයක් නිරාකරණය කලා. හැමෝටම වගේම අභියෝගයක් දුන්නා.. “ෆ්ලෑෂ්” වලින් ඩිජිටල් තොරණක් හදන්න.. මග පෙන්වීම ඒ වෙනකොට අවසන්.. වැඩේ සැලසුම් කරන්න විතරයි ඉතිරි..

ගෙදර එන්න පිටත් වෙනකොට තුටු පඬුරු… ” සර් මම ගමේ ගෙදරකට කියල හොඳම කිතුල් හකුරු ටිකක් හදාගත්තා.. එක මෙතන තියෙනවා, පැනි බෝතලයකුත් තියෙනවා..” ඔහුගේ අව්‍යාජ වදන් මට තවමත් මතකයට නැගෙනවා.. ගෙදර අවිල්ල බලනකොට.. ලා කහපාට හකුරු මුලක්.. එහෙම පාට හකුරු කලින් දැකල නැහැනෙ.. අපිට කවද්ද “සුපිරිසිදු” කිතුල් හකුරු ලැබුනේ.. ඒ කියන්නෙ අර “සුදු හකුරු” කතාව බොරුවක් නෙමේ.. මගේ චාරිකාව අර්ථවත් ලෙස අවසන් වුනා..

2012 මැයි මාසේ 30 වෙනිද රෑ මට ස්කයිප් පනිවුඩයක් ආවා..

Hi, Sir

After long time
I’m Wijewardana from Rambuka

We earned 25000 Rs Using a flash Thorana last Wesak Poya day
And we are going to build a room for school media unit by it
We have to show a thora nest Poson Poya too in another aria.
*thorana
Thanks Sir. You are the person who saw the way for us

හැමදෙයක්ම එක රැයකින් ජයගන්න බැහැ.. අපිට එකට කාලයක් ගතවෙනවා.. හරියටම අවුරුදු 2 1/2 ගතවෙලා.. තම නිර්මානශීලි දක්ෂතා නිසා පාසලට සැලකියයුතු ආදායමක් ලැබිල, සිහින සැබෑවන දවසක් අත ලඟට ඇවිල්ලා..

ඔවුනගේ ඉදිරිගමනට මගේ සුබ පැතුම්..

සටහන: සිය ජීවිත කාලයම පාසලේ දරු පරපුර වෙනුවෙන් සග ගම්මානයේ උන්නතිය වෙනුවෙන් වෙන් කල විජේවර්ධන ගුරු මහතා මේ වන විට තොරතුරු තාක්ෂණ සංනිවේදනය භාවිත කරමින් කරන කාර්යභාරය පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පහත වෙබ් අඩවි පිරික්සන්න…

rambuka-english.ning.com

Advertisements

14 Responses to “ගම් මැද්දෙන් පිපෙන කැකුළු…”

  1. nishantha Says:

    Sir I’m Nishantha from Rambuka.I also was in there at that time.
    We exhibit that for the second time on last year also we did that and I.d like to righten or sir’s idea Nit only this year by exhibiting on last year we could start the e-village Computer center. actually you’re the person who show the way for us. For now I’m working to Vocational Training Authority as an Instructor.In hear also I’ve talk about you and your kind fullness.

    http://rambuka-english.ning.com/profiles/blogs/we-opened-the-evillage-center


  2. සර්, මම උමේධා,
    අද අපි ලබාගෙන තියෙන ජයග්‍රහණ පිටුපස එතුමාණන්ගේ යෝධ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. අපට මග පෙන්වන අපේ ගුරුතුමා ඉටි පහනක් සේ දැල්වෙමින් අපව ආලෝකමත් කරන්නේය. අපේ ගුරු දෙවියා ගුරු සේවයට නොව සැබවින්ම සේවයට ගුරු වූ ගුරු පියෙකි. අපි පුංචි පාසලක් උනත් තිබෙන සම්පත් වලින් අපිට හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගන්නවා. නුතන අධ්‍යාපනය මගින් බිහි කරන උගතුන් පොතේ උගතුන් පමණක් වෙයි. අපේ ගුරුතුමාගේ මග පෙන්වේම යටතේ නුතන රැකියා වෙළදපොලට අවශ්‍ය ශ්‍රමිකයෙකු වශයෙන් අප පාසලෙන් නික්ම යති. අපි නගරයේ පාසල් අබිභවා ගොස් සිටින්නේ අපේ ගුරු දෙවියාගේ කැපවීම මතයි. අපිට සර්ව හමු උනෙත් අපේ ගුරුතුමා නිසයි. ඔබතුමා අප පාසලට පැමිණ අපට ලබාදුන් දෙනුම නිසා අපි තොරණක් නිර්මාණය කළා. තොරණින් ලැබූ මුදලින් අපට අවශ්‍ය මාධ්‍ය කුටියක් ගොඩනැගීමට අවශ්‍ය මුදල් සපයා ගත්තා. සර් නැවතත් අපිට සහයෝගය ලබාදෙනවානම් තව තවත් නගරයේ පාසල් අබිභවා යාමට අපිට හැකියාව ලැබේ. දෙනුවන් ගුරුතුමා අපිට ලබා දුන් දෙනුමට අනෙක වාරයක් ස්තුතියි.

  3. Haritha Says:

    සර් ම්ම් හරිත,
    මමත් සර්ගේ වැඩමුළුවට සහබාගී උනා. මට හෝදට මතකයි සර් අපිට ෆ්ලෑෂ් උගන්නපු හැටි.ඔබ තුමා ඔබගේ දැනුම නියම ආකාරයෙන් දැනුම ලබාදුන් නිසා අපේ ගුරුපියාණන්ට තොරණක් ඉදිකිරීමට හැකි වූන බව දැනගන්නට ලැබෙන්නට ඇති යයි මම සිතමි. මක් නිසාද යත් ඔබ තුමා දමා තිබුන ලිපිය කියවූ විට එය පසක් වේ.ඔබ තුමා ලබා දුන් එම දැනුමෙන් අප ගුරුතුමා නිර්මාණය කල තොරණින් උපයාගත් මුදලින් අප මාද්‍ය කුටියක් ගොඩනැගීමට අවශ්‍ය අඩතාලම දැමුවා. මම තවමත් ෆ්ලෑෂ් වලින් නිර්මාණ කරනවා. සර්ට නැවත අපගේ පාසලට නැවත පැමිණීමට වාසනාව ලැබේවායි පතමි.!

  4. chamod Says:

    සර් මම චමෝද්
    මමත් සර්ගේ වැඩසටහනට සහබාගි උණා. සර්ගේ වැඩසටහන හින්ද දැන්මට හොදට ෆොටෝෂොප් වගේම ෆ්ලෑෂ්ද පුළුවන්. ඒ තමඊ මම සහබාගි උන පළමු වැඩසටහන. මට මෙච්චර දුරක් එන්න ඒ වැඩසටහන පිටුවහලක් උණා. දැන් අපි අපේ වැඩකට යුතු හොදින් කරගෙන යනවා. අපෙ පාසල පුංචි උනත් තියන සම්පත් වලින් අපි උපරිම ප්‍රොයෝජන ගන්නවා. සර් දාලතියන ලිපිය අපි කියෙඋවා අපිට ගොඩක් සතුටක් දැනුනා.දැන් අපි නගරයේ පාසල් අබිබවා යාමට හැකිවෙලා තියෙනවා ඒ අපේ සර් හින්දා. මෙතම් දුරක් යාමට සහය දුන් දෙනුවන් සර්ට ස්තුති.


  5. සර් මම 11 ශ්‍රේණියේ පසිඳු නුවන්.
    මම සර් ව දැකලා නැහැ. මම මේ ඉස්කෝලෙට ආවේ ගිය අවුරුද්දේ තුන්වෙනි වාරේ. ඒ එනකොට මට email එකක් වත් තිබුනේ නැහැ. නමුත් මට දැන් මගේම web site එකකුත් තියෙනවා. මම හිටියේ නගරේ ඉස්කෝලෙක උනත් ඒවායේ කරන්නේ මොනවද කියලා හිතෙනවා රඹුක ගැන බලනකොට. අපි දැන් මෙහෙ skype හෙම පාවිච්චි කරනවා ගොඩක්. ඒ නිසා ලෝකේ වටේම යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි වෙන රටවල්වල ඉස්කෝලත් එක්ක join වෙලා skype හරහා team work විදිහට projects කරනවා. මේ වගේ පුංචි කාමරයක තියෙන computer lab එකකින් කොච්චර ලොකු වැඩ කරන්න පුළුවන්ද කියලා විස්වාස කරන්නත් අමාරුයි. අපි ඒතරන් වැඩ කරනවා රඹුකදී. මමත් මෙහෙදී සති දෙකක් තුලදී ෆ්ලෑෂ් ඉගෙනගත්තා. මම මේ පාර O/L කරන නිසා වෙලාව මදි. විභාගය ඉවරවෙලා තව ගොඩක් ඉගෙනගන්න ආසයි. Site එකත් තව හොඳට හදාගන්න ඕන. නමුත් වෙලාව මදි. මම මේ comment එක දාන්නෙත් ගෙදර ඉදන්. මට ආසයි දෙනුවන් සර් එක්ක Skype call එකක් ගන්න සර්ට නිවාඩු වෙලාවක. මගේ Skype ID එක ” pasindu .rambuka “. සර් මගේ Site එකත් බලන්න.(තාම හදල ඉවර නෑ). මට මේ සියලු කර්තව්‍යන් සියල්ල කරන්න හැකි උනේ අපේ සර් හින්ද.
    සර් ආයෙත් රඹුක එනවනම් අපි හැමෝම ගොඩක් ආසයි.
    සර් ට බුදුසරණයි.
    My Site – http://pasindunuwan.yolasite.com/
    Face Book – http://www.facebook.com/pasindu11

  6. Nandasiri Wanninayaka Says:

    I am very happy you managed to go there and do some lessons. This is a special place for me too. I have been there to do a small presentation. Both children and the teacher “Wije” need more attention from both the government and private sector.


  7. සර් මම කල්පනී
    මමත් O/L දක්වා ඉගෙනගත්තේ මේ පුංචි පාසලේ. මගේ මේ පුංචි පාසැල තම මගේ ජිවිතේ ආලෝක කලේ. මේ පාසැල දකින හෙමෝම කියන්නේ මේක දුප්පත් පසලක් කියල. එත් මේ මගේ පාසැල ඔය නගරේ තියන හෙම පාසලකටම වඩා පොහොසත්. මම දැන් මගේ අධාපනය හදාරන්නේ මේ ප්‍රදේසේ තියන හොද පහසුකම් තියනවා කියන නගරේ පාසලක. එත් මටනම් මේ රඹුක තරම් හොද නේ. මොකද මම මේ පාසලෙන් ලබාගත කිසි දෙයක් නේ. මේ විදුහල් මැනිගේ දරුවන් ඒ කියන්නේ අපේ ගුරු පියවරු ඒ වචනේ අර්ථයම එටු කරනවා. මේ පාසලේ මට හමු උන එක පියෙක් තමා විජේවර්දන සර් . එතුමා මේ පාසලට කරන සේවය ඇති මහත්. එතුමා හැම ළමයෙකුගේම තාත්තෙක් . අපි හැමෝගෙම ජිවිත ආලෝකමත් කරන්න එතුමා ගන්නේ අසීමිත උත්සහයක්. ඒ උත්සාහයේ ප්‍රතිපල අපේ පාසැල දැන් බුක්ති විදිනවා. අපේ පාසැල ගැන මුළු ලෝකෙටම කිවේ මේ අපේ සර් තම. අපි මේ සිංහරාජේ අසල හිටියත් අපි තනි වෙලා න . දැන් මගේ මේ නංගිලට මල්ලිලට පරිගණකය ගැන තියෙන්නේ ලොකු දැනුමක් . ඉතින් ඒ අය දැන් මේ පරිගණකය හරහා මුළු ලෝකයත් එක්කම සම්බන්ද වෙනවා. ඒ ගොල්ලන්ට දැන් ගොඩක් පිට රට යාලුවෝ ඉන්නවා. සර් මම දැකලා නෑ එත් සර්, සර් ගැන මෙහෙ හැම කෙනාම කතා කරනවා සර් ගේ දේශනේ ගැන. එදා ඒ දේශනෙන් හැමෝම ගොඩක් දේ අරගෙන. මම හිතන්නේ එයාලට ඒ අවස්ථාව උදා උනේ මේ අපේ සර් නිසා. අපේ මේ සර් ඇත්ටටම අහිංසක මේ ළමයින්ට පිහිට වෙන්න ගුරු වෙසින් ආ දෙවියෙක්.

    සර්ට බුදු සරණයි

  8. Thusitha Kumara Says:

    ටිකක් පහුවෙලා ලියන්න හිටියෙ ඇත්තටම අනෙක් පෝස්ට් වලට වඩා මෙහි විශේෂත්වයක් තියෙන නිසා. ඒක ලැබිල තියෙන ප්‍රතිචාර වලින් ම පේනවනෙ. මමත් විජේ අයියව අදුන ගත්තෙ මුළින් ම දැකල නෙවෙයි. දෙනුවන් සර් කියපු Power Point Presentation එක හරහා. ඒක අපේ පාසලේ ළමයින් කෙතරම් පහසුවෙන් Web Design ඉගෙන ගන්න පාවිච්චි කළාද?
    ඔහු හැබැහින් ම මට මුණ ගැහෙන්නෙ තරමක් දුර චාරිකාවකදි. ඔහුට උදවු අවශ්‍ය බව දැකපු නිසා (ඔහු උදවු ඉල්ලන කෙනෙක් නොවෙයි) ඔහුට මම සමීප වුණා. ටික වෙලාවක් කතා කරන කොට තමයි දැන ගත්තෙ ඔහු Web Design Power Point Presentation එකේ නිමැවුම්කරු බව. ඉන් පසු අපි දෙදෙනා සමීප වුණා. ඒ ගමනෙදිත් ඔහු සියලු අධ්‍යයන වැඩසටහන් වීඩියෝ කළා. අප අතර බෙදා හැරියා. එහෙදි වීඩියෝ කැමරාවකුත් ගත්තා. තම පාසලේ දරුවන් වෙනුවෙන්. ඔහු තම වැටුපෙන් ගෙවීමේ පදනම මත මෙම දුෂ්කර පෙදෙසේ දරුවන්ගේ නැණස පෑදීමට ලබා ගත් තාක්ෂණික උපකරණ පිළීබඳව. ඒවා භාවිත වන අයුරු පිළීබදව අප කතා බහ කළා.
    ඇත්තෙන් ම එතුමා “අපේ කාලයේ දුයිෂෙන් කෙනෙක්!“ 2011 ඔක්තෝබර් මාසෙ 27 වෙනිදා රිවිර පත්තරේ පලවෙනව ඔහු ගැන අපූරු ලිපියක්. ඒක හැම කෙනෙක්ම අනිවාර්යයෙන් ම කියවන්න ඕන එකක්. මම ඒක දුටු විගස මුහුණු පොතේ බෙදා හදා ගත්ත වගේම අප පළාතේ ගූගල් සමූහයටත් එක් කළා මතකයි. දෙනුවන් සර්ටත් බොහොම පින් විජේ අයිය ගැන මෙලෙස සිහිපත් කළාට. ඊට වඩා පින් ලැබෙනව ඒ පාසලට ගිහින් දරුවන් ට දුන්න අද්දැකීම් සම්භාරයට.
    විජේ අයියාත් ඒ දරුවනුත් සැබැවින් ම භාග්‍යවන්තයින්!

  9. Maura Says:

    Weldone machan…keep up the good work…!!!

  10. wasaa Says:

    සර් මම වසන්ත. ලස්සන කතාවක්! සර් මම හිතුවා ඩීඑල්සී කිවුවම මමත් කොනක හරි ඉදියි කියලා. සර්ට මතක නැද්ද මමත් සිය දහස් වාරයක් සර්ට ආරාධනා කළා අපේ ගමටත් එන්න කියලා. ඒත් සර් ආවේ නෑනේ……….

  11. Kanchana Says:

    It’s an interesing story,actually I am so glad to meet a great teacher like you sir,and It’s a great honour for me….wish you good luck to continue your work and best wishes for Rambuka,

  12. Kanchana Says:

    අපේ තාත්තා ගැන ,,,
    ජීවිතේ හයක් හතරක් නොදන්න පුංචි පැටවුන්ට ජීවිතේ ගැන මහමෙරක් තරම් දේවල් අපේ තාත්තා කියල දෙනවා.තමන්ගේ සතුටට වඩා අනුන්ගෙ සැනසීම ගැන හිතන්න අපේ තාත්තා කවදාවත් දෙසැරයක් හිතන්නේ නෑ .මේ ලිපිය කියවන ඕනෙම කෙනෙකුට පුළුවන් වෙයි තමන්ගෙන් අකුරු ඉගෙන ගන්න පුංචි පැටවුන් වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන ආදරණීය ගුරු පියෙක්ව දැක ගන්න…අපේ තාත්තේ ,,,,ඔබ අපට අභිමානයක් ,,,ආඩම්බරයක් ,,,ඔබ සැබැවින්ම සදා දිදුලන ගුරු තරුවක් ….ඉතින් පිළිගන්න ඔබේ දෙපා වැඳ මේ සෙනෙහසින් පුදන උපහාරය….හෙට දිනයේ තව තවත් පුබුදින සුවහසක් කොඳ කැකුළු පොඩිවලට සහන් එළියක්ම වන්නට ලැබේවා ඔබට දිරිය!!
    කාන්චනා දුව සහ පසිඳු පුතාගෙන් …

  13. Kanchana Says:

    sir!,
    I’m Kanchana and I am so glad to know about yourself. personally I don’t know or I haven’t seen you,but I got to know that you have done a great piece of work for the benefit of ICT students at Rambuka M.V. Wish you athe courage and to have the strength to make a new generation for the modern world of technology.BEST OF LUCK!

  14. Wijewardana Says:

    මේ අපි 2014 වෙසක් එකට හදපු තොරණ. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. https://drive.google.com/file/d/0B5E37FKMfCn3SURUdjFESXZfTW8/edit


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: