පැණි පිට්ටුවෙන් ගොඩ ගිය අපේ කට්ටිය

June 9, 2012

පසුගිය දින කිහිපය තුල මතකයේ සටහන අකුරු කරන්නට ඉස්පාසුවක් ලැබුනේ නෑ, ඒ කොහොම වුනත් “මතකයේ සටහන” ගැන ඔබෙන් ලැබුන සටහන් අඩුවක් වුනේ නෑ. මතකයේ සටහනේ ෆේස්බුක් පිටුව සහ බ්ලොග් අඩවිය සමග එකතුවෙන ඔබ සියලුදෙනාටම මගේ ස්තුතිය..

සරසවි මතකයේ රස පිරිනු තැන් ගැන මතක් වෙනකොට කොතනින් පටන් ගනන්ද කියල හිතාගන්න බැහැ.. කොහොම නමුත් මේ ලියන සටහන ඒ මතකයෙන් අහුලාගත් එකක්. වසර තුනක සරසවි ජීවිතය අවසන් කරල මම කොළඹ ආවත්, මගෙ එක්ක හිටපු බොහෝ දෙනෙක් හතරවෙන් වසරෙත් සරසවියෙ රැඳුනේ ඔවුන්ගේ පාඨමාලා වසර 4 ක විශේෂ උපාදි පාඨමාලා වීම නිසා. අපි තුන් වෙනි වසරෙන් සරසවියෙන් නික්මෙනකොට එන අලුත් “බැච්” එක අපේ ඉතිරි කට්ටියට සම්පතක් වුනා.. අන්තිම අවුරුද්දේවත් “හිච්” වීමේ සිහිනයෙන් සිටි බොහෝ දෙනෙක් ගේ පැතුම් සඵලවුනෙ අලුත් “බැච්” එකත් එක්ක. සමහරු කිව්වෙ අපි එක්ක වලේ වැටිල හිටපු කොල්ලෝ ටික අපි ගියාට පස්සෙ ගොඩ ගියා කියලා.. හැබැයි ඒ කියන අපි අතරෙ මම හැරුන විට හිටියේ තව ටික දෙනෙක් විතරයි..

ඔය කාලෙදි තමයි මම වෙබ් අඩවි නිර්මානය ගැන ඉගෙන ගන්න මුල් කාලය.. රූපාවාහිනියේ ගිය දැන්වීමක් අහල තරඟයකට වෙබ් අඩවියක් නිර්මානය කරන්න මම උත්සාහයක් කලා, වෙබ් අඩවිය නිර්මානය කරන සැලසුම හැදුවා, මාතෘකාව “ශ්‍රීලංකාවට ආවේනික සතුන්”, තොරතුරු සොයාගත්තා.. හැබැයි වෙබ් අඩවියට එකතු කල හැකි ඡායාරූප කිසිවක් සොයාගන්න ලැබුනේ නැහැ.. කොළඹ ඇවිදල රූප තියෙන කඩදාසි ටිකක් සොයා ගත්තා.. ඒත් “ස්කෑනර්” එකක්.. තියෙනව නුවර.. තියෙන්න “මාස්” ගාව, ඇමතුමක් දුන්නා..ඔහු එක පයින්ම මගෙ රූප කොල ටික “ස්කෑන්” කරනන් කැමති වුනා.. දින කිහිපයක් ඇතුලත කඩදාසි ටිකත් අරගෙන නුවර ගියා.. මාස්ගෙ ගෙදරයන්න මම දන්නෙ නහැ.. භාතිය එක්ක තමයි ගමන යන්න පිටත් වුනේ.. මගෙ මතකය නිවැරදින් නම් හන්තාන කඳු වැටියේම එක් කෙලවරක පිහිටි නිවසක උඩු මහලකට අපි ඇතුල් වුනා.. මාස් ලහි ලහියෙම ඒ කටයුතු නිමා කලා.. රූප ටික දැන් හරි.. ඔහුට ස්තුති කරමින් මම භාතිය එක්ක රතුපාට “චැරඩ්” කාර් එකේ නැගල භාතියගෙ නිවසට ආවා… නිවසට පැමිනි විගසම ඔහු මගේ ලඟ තිබුනා “ස්කෑන්” කල රූප සියල්ල ඔහුගේ ග්‍රහනයට ගත්තා.. නිදහස් කරන්න නම්.. ඉල්ලීමක් තියෙනව ඉටු කරන්න..

මේ කාලෙ වෙනකොට අලුත සරසවිට ආපු “බැච්” එකෙනුත් කාන්ඩයක් “අල” වෙලා.. ඒ අය එකතු වෙලා “පුස්තකාලය” ඉදිරිපිට පුංචි සෙල්ලමක් කරගෙන යනව.. ක්‍රීඩාශීලී අපේ අයියලා දෙතුන් දෙනෙකුත් මෙතනට සෙට් වෙලා.. ඒ අතරින් මුල් තැන අරන් තියෙන්නෙ “මාස්”… කට්ටිය සෙට් වෙලා කරන මේ ක්‍රීඩාවට තවත් කට්ටියක් එකතුවෙලා ලස්සන නමක් දාල “පැනි පිට්ටුව” කියලා…

“ඇඳපන් දැන් පැනි පිට්ටුවට පොස්ටරයක්”.. තවත් කරුනු කාරනා ගොන්නකුත් කියාගෙන කඩදසියකුයි පෑනකුයි ලැබුනා.

උසස්පෙල කාලෙ ඇඳපු මඩ පත්තරෙටත් වඩා.. හෝමාගම උසාවිය පාරේ චානකගේ ගෙදර අපේ කබානා එකේ තිබුන “මඩ වගුරෙ” පොස්ටර් කලාව ගැන අපේ අම්ම දැනගෙන හිටි නිසා, සරසවි යනකොට දුන්න ලොකුම උපදේශය තමයි “පොස්ටර් අඳින්න නම් යන්න එපා” කියන එක.. “අල ගමනයත්” එක්ක සරසවි දෙශපාලනයට අපි වහකදුරු වුන කාලෙක තමයි පුස්තකාලෙ පලමු පහලේ දකුනු කෙලවරෙ මේසෙ තියාගෙන ජනක්, කපිල තව කට්ටියක් එකතු වෙලා අබේකෝන්ට පොස්ටරයක් අඳින්න හදන්නේ.. ඒ වැඩේ සාර්ථක කරගන්න දීපු “උදව්ව” නිසා එලි ගැන්වුනු “පොස්ටර්” කලාව අන්තිමේදී “ටොඩී මැච්” එකකුත් කඩාකප්පල් වෙන තැනට යනකල් පාර කපයි කියල මම එදා හිතුවෙ නෑ.. අබේකෝන් ගෙ ඉඳල මාස් හරහා මයුරට එනකල් අපි ගහපු පොස්ටර් වල කතාව මෙහෙම ලියන්න බැහැ..

කොහොම නමුත් අවසානයේ මගේ අතින් “පැනි පිට්ටු” පොස්ටරය නිර්මානය වුනා.. කථානායකයාගේ භූමිකාව එක්කම පැනි පිට්ටුවෙන් බේරෙන පැනි වලට ඇදෙන කුහුඹු රැල.. වටේ ඉඳන් බලන් ඉන්න “අවශේෂ කට්ටිය” ඔක්කොම එකතුකරල කරපු නිර්මානයක්.. ඒ කාලේ ඉඳලම එකකට එකක් පොස්ටර වෙනස් අයුරින් නිර්මානය කලේ “පැපරාසියා” ගැන කුතුහලය වැඩි කරන්න.. පැනි පිට්ටුවේ කතාව තමයි මගෙ අතින් සරසවියෙදි ඇඳුන අවසන් පොස්ටරය.. වැඩේ හරි.. මගෙන් පොස්ටරය නිදහස් වෙද්දි ග්‍රහනයේ තිබුන මගෙ රූප ටිකත් නිදහස්… පසුදා උදේම මම නැවත කොලඹ ආවා

දවල් වෙනකොට දුරකථන ඇමතුම් දෙකක් මගේ ජංගම දුරකථනයට ලැබුනා.. එකක් හේමන්තගෙන්.. “ඇස් දෙක.. ඊයෙ කැම්පස් ආවද”.. “ඇයි අහන්නෙ..” මම අනික් කෙලවරෙන් සීරුවෙන් ඇහුවා.. “පොස්ටරයක් ගහල.. උඹේ වැඩක් වගේ තමයි..” අනෙක් ඇමතුම මලවිගෙන්.. “දෙනුවන් මචං.. ෆැකල්ටියේ පොස්ටරයක් ගහල.. ඒක නම් අපේ කට්ටියගෙ වැඩක්..”  “කොහොමද ඔය තරම් විස්වාසෙට කියන්නේ” අනෙක් කෙලවරෙන් මම ඇහුවා.. ” නෑ මචං ඒ කාලෙය් අලවපු තැන්වලම තමයි මෙක අලවල තියෙන්නේ..” “ලයිබ්‍රරි එකේ ජනෙලය, රතුපාර ෆියුස් බෝඩ් එක..” පැහැදිලි කිරීම අවශ්‍ය නෑ.. මම කිව්වත් නැතත් කට්ටිය දන්නවා.. “මරු මචං නියමයි වැඩේ..”

පැනි පිට්ටු පොස්ටරයෙ සිටි සමහර චරිතවට අයිතිවාසිකම් කීමට සමරුන් පොරකෑ බවක් පසු කලෙක මට ආරංචි වුනා.. මොනතරම් සුන්දර මතකයක් ද..  මලවි අද සරසවි ඇදුරුතුමෙක් වෙලා පේරාදෙනිය සරසවියේ යන එනකොටත් ඒ මතකය අලුත් වෙනවා ඇති.. මාස් එක දවසක් මට කියපු කතාවක් තවමත් මතකයි.. “දෙනුවන් .. උඹේ ටැලන්ට් එක වෙන එවුන් වැරදි විදිහට පාවිච්චි කරනවා”.. ඒ කතාව කොතරම් නිවැරදි වුනත්.. එදා මම ඒ නිර්මානවලට සහය දුන්නේ හුදෙක් රස වින්දනය උදෙසාම පමණක් බව අදටත් සිහිගැන්වෙනවා..

එදා පැනි පිට්ටුවෙන් ගොඩ ගිය බොහෝ දෙනෙක්ගේ මතක ආවර්ජය වෙනුවෙන් මේ සටහන ලියා තබන වගයි..

Advertisements

4 Responses to “පැණි පිට්ටුවෙන් ගොඩ ගිය අපේ කට්ටිය”

  1. lihini Says:

    දෙනුවන්, අපූරුයි‍‍‍‍‍…..
    මඟ බලන් ඉන්නවා….
    අතීතයෙ අලුත් වෙබ් අඩවි නිර්මාණය වෙනතුරු බලා සිටියා ෙස්ම
    අලුත් සටහනක් ඒනකම්


  2. එවන් මතක වල රස කිසිදා නොවියැකෙන බව නම් ස්ථිරයි. තවත් මතකයක රසයක් ……….

  3. Maura Says:

    Niyamai….hora mattu


  4. Machan Sarasavi Uyana Hostel eke restaurant eka ganath liyamu neda? Mathakada bathroom eke na gaththa hati.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: