“අපේ ඉස්කෝලේ” හෙට දවස වෙනුවෙන්

ජූනි 25, 2012

හරියටම මතකයි ඒ දිනය, 2011 දෙසැම්බර් 29 වෙනිදා දවල් මම කොටුවෙ දුම්රිය ස්ථානයෙන් හෝමාගම බස් රථයකට ගොඩ වෙන්නේ අනුරාධපුර සිට කොලඹ පැමිනි දුම්රිය පැය කිහිපයක ගමනකින් පස්සෙ. උතුරු මැද පලාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමෙන්තු වල වෙබ් අඩවි නිර්මාන වැඩමුලුව අවසන් වෙලා කලින් දින රාත්‍රියේ කොලඹ එන්න යොදාගෙන තිබුනත් අවසන් මොහොතේ ආසන වෙන්කරගන්න නොහැකි වුන නිසා පහුවෙනිද පාන්දරින්ම වව්නියාවේ ඉඳල එක දුම්රියට අනුරාධපුරෙන් ගොඩ වෙන්න සිදුවුනා. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් පිටත් වුන බස් රථය යුනියන් පෙදෙසට ලඟාවෙනවත් එක්කම දුරකතනය නාද වුනා. නමක් නොතිබුන නොම්බරයක් වුනත්, බස් රථයේ හිටියත් මම ඒ ඇමතුම ලබා ගත්තා. “දෙනුවන්, මම සුනන්ද, විජය නිව්ස්පේපර්ස්” ඉතාම කෙටියෙන් මට ඔහුව හඳුනාගත හැකි වන ඒ හැඳින්වීම එහා අන්තයෙන් මට ඇහුනා..

සුනන්දව මට මුලින්ම හමු වුනේ 2003 – 2004 කාලයේදි. අනුරාධපුරයෙන් එහා විලපත්තු වනපෙතේ “හොරයිසන් ලංකා” ඊ ගම්මානය ගැන විජය පුවත්පත් සමාගමේ පුවත්පතක ලිපියක් පලකරන සුනන්ද පිලිබඳ මුල් හැඳින්වීම මට ලැබුනේ “වන්නි” ගෙන්. ඒ කාලය තුල මමත් මහවිලච්චියත් අතර ඇති සුහදත්වය මත මම විදේශගතව සිටියත් “හොරයිසන් ලංකා” වෙත උදව් කල බොහෝ දෙනෙකු මට හඳුනා දෙන්නට “වන්නි” උත්සුක වුනා. එහි ප්‍රථිපලයක් විදිහට තමයි සුනන්ද මට හමු වුනේ. ඉන් අනතුරුව මගේ “අහමු” අන්තරජාල රේඩියෝව ගැන පලකල ලිපි වෙනුවෙන් පැවති සාකච්චා සඳහා මම විජය පුවත්පත් ආයතනයට ගිය වාර කිහිපයකදි මට සුනන්ද මට හමුවුනා. එතැන් සිට අවම වශයෙන් වසරකට වරක් හෝ දුරකතන ඇමතුමකින් අපේ හිතවත්කම අලුත් වුනා. මම “ඩී.එල්.සී” ආයතනයේ සේවය කරන කාලයේ එක්තරා දිනක ඔහු මුහුනට මුහුන නැවතත් හමුවුනේ වසර කිහිපයකට පසුව. එදා ඔහු එහි පැමින තිබුනේ “නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය” සංවිධානය කරන අධ්‍යාපන ප්‍රදර්ශනයක් ගැන අප ආයතනය දැනුවත් කිරීමටයි. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමාද  ආදි නාලන්දියකු වූ නිසා අපේ සාකච්චාව අවසන් වුනේ අප එකිනෙකාගේ නාලන්දාවේ අතීත මතක සිතුවිලිද අවදිකරමින්. කොහොම නමුත් එදා අපි සියලුදෙනාම ආදි නාලන්දියන් බව දැන හඳුනා ගත්තත්, සුනන්දගේ මතකයෙන් එය ගිලිහී තිබුන බව මට වැටහුනේ අපේ දුරකථන සංවාදය ඉදිරියට යද්දී..

නාලන්දාවේ  “නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය”  මගින් “ෆියුචර් මයින්ඩ්ස්” නමින් උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයක් පවත්වන බවත්, ඒ වෙනුවෙන් නිර්මානය වන වෙබ් අඩවියේ කටයුතු වෘත්තීය ව්ටිනාකමක් සහිතව නිම කිරීමට මගේ සහය මුදල් ගෙවා ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තුවන බවත්, දැනට පවතින වෙබ් අඩවිය පිරික්සා ඉදිරි කටයුතු සාකච්චා කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු එසැනින් මට පවසා සිටියා.. මා ද ආදි නාලන්දියකු බව ඔහුට නැවත මතක් කල විට ඔහු සැබවින්ම තිගැස්සුන බව ඔහුගෙන් ලද පිලිතුරෙන් මට පසක් වුනා. කෙසේ නමුත් වැඩිදුර කතිකාවකට සුදුසු වටපිටාවක් බස් රථය තුල නොතිබුන නිසා අපි නැවත සවස් යාමයේ ඇමතුමක් ලබාගැනීමේ පොරොන්දුව මත විසන්ධිවුනා.

නාලන්දාවෙන් සමුගත් පසු හැකි සෑම අයුරකින්ම මගේ හැකියවන් නාලන්දාව වෙනුවෙන් ඉටුකිරීමට නාලන්දා ආදි බාලදක්ෂ සංගමය සහ 93 කණ්ඩායම මට තෝතැන්නක් වුනා. මට අත පෙවිය හැකි සීමාවක නාලන්දා ආදි බාලදක්ෂ සංගමය පවතින තුරු ඒ හා රැඳුන මම විදේශ ගතව පැමිනීමන් අනතුරුව 93 කණ්ඩායමේ ක්‍රියාකාරි වුනා.

නිවසට පැමිනීමෙන් අනතුරුව, සියල්ල පිරික්සා බලා නැවත සුනන්ද ඇමතු මම ඔහුගේ ඉල්ලීම මුදල් ලබාගැනීමකින් තොරව නාලන්දාව වෙනුවෙන් ඉටුකර දීමට පොරොන්දු වුනේ නැවත සාකච්චාවක් සඳහා දිනයක් තීරනය කරගැනීමෙ බලාපොරොත්තුවෙන්. අනතුරුව දින කිහිපයක් තුල අපේ සාකච්චාවන් බලාපොරොත්තු ආකාරයෙන් නිමවුන අතර වෙබ් අඩවියේ කටයුතු ගිවිසගත් කාලය තුල සතුටු දායක ලෙස නිම කිරීමට මට හැකිවුනා.

අතීතයේ එක්තරා වකවානුවක් තුල මිනිසුන් තම කටයුතු බොහොමයක් සිය දෑතින් සිදු කරද්දී, එක් ඉලක්කයක් සපුරාගැනීම වෙනුවෙන් බොහෝ කාලයක් ගත කිරීමට සිදුවුනත්, ඒ වෙනුවෙන් නව මෙවලම් නිර්මානය වුන.. මෙවලම් වල ක්‍රියාකාරිත්වයට තොරතුරු තාක්ෂනයේ පහස ලැබෙන යුගයක “මුරපදයක්” නිසා විනාඩියකට නොඅඩු කටයුතු වෙනුවෙන් දින ගනන් ගෙවන යුගය අත්දැකීම් ද මුල් දින කිහිපයතුල ලැබීමේ අවස්ථාවද මට හිමි වුනා. ඒ අතරතුරම “තවමත් අලුත් නිසා මම නොදන්නා දේ” ගැන දැනුවත් වීමටද මට අවස්ථාව ලැබුනා.

මේ ආකාරයෙන් “නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය” සංවිධානය කරන දැවැන්තම වැඩසටහන වන “ෆියුචර් මයින්ඩ්ස්” වෙනුවෙන් මගේ දායකතවය ලබාදීමේ මෙහෙයුමට මූලික අඩිතාලම යෙදුනා. ව්‍යාපෘතියේ වෙබ් අඩවිය නිර්මානය මෙන්ම එයට සමගාමී සමාජ ජාල වෙබ් අඩවි පවත්වාගෙන යැමේ මූලික වගකීම මට පැවරුන අතර සුනන්ද විසින් මූලිකව ඉදිරිපත්කල සංකල්පය මූලික කරගත් නව වර්ණ සංකලනයක සමග අලුත් අනන්‍යතාවයක් “ෆියුචර් මයින්ඩ්ස්” හි ප්‍රචාරන කටයුතු වෙනුවෙන් හඳුනාදීමේ අවස්ථාවද උදාවුනා.

“නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය” අති දැවන්ත ලෙස ඉදිරිපත් කල මෙම “ෆියුචර් මයින්ඩ්ස්” නමින් උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනය ඊයෙ දිනයේ වාර්තාගත ජනකායකගේ සාභාගිත්වයෙන් කොලඹදී අතිසාර්ථකව නිමවුනා.  ඊලඟ සතියේ අන්තයේ දී එය නුවරදී පැවැත්වීමේ සංවිධාන කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.

සමාජයේ හැල හැප්පීම සමග නොසැලුන ගමනක් යන්නට මූලික අඩිතාලම ලද නාලන්දාවෙන් සමුගෙන ගියත්, විවිධ හැකියාවන් වලි පිරිපුන් පිරිසක් සමග උරෙන් උර ගැටී “අපේ ඉස්කෝලේ” හෙට දවස වෙනුවෙන් ඉටු කෙරෙන මෙහෙවරකට ලබා දෙන දායකත්වයෙන් මම ලද සතුට අපමනයි.. සුනන්ද, ඔබට ස්තුතියි!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: