දේවාලමුල්ලේ පුංචි පාසලට…

June 26, 2012

ඩී.එල්.සී ආයතනයේ ගෙවුන වසර කිහිපයට මම ලංකාව පුරා කිහිප වරක් ගිහින් ඇවිල්ල වගේ කියල සමහර වෙලාවට මට දැනෙනව. පේදුරුතුඩුවේ සිවසිතම්බරම් විදුහලපති තුමාගේ සිට මාතර හක්මන වසන්ත ගුරුතුමා දක්වා ලංකාවේ ඉහල කෙලවර සිට පහල කෙලවරට මතකයේ රැඳුන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතුරෙන් බොහෝ දෙනෙක් කලකින් හමු නොවුනත්, වරින් වර ඊමේල් පණිවුඩයක් හෝ එවන්නට අමතක කරන්නේ නෑ. මේ සියලු දෙනා වෙත පැවති වැඩමුළු වලදී තොරතුරු තාක්ෂණ සම්පත් දායකත්වය ලබා දෙන අතරතුර මට සහය දුන් පිරිසක් එම ආයතනයේ හිටියා. ඒ අතරින් සුලේක අමතක නොවන කෙනෙක්. සුලේක සෑම විටම පැවරුන කාර්‍යය නිවැරදිව ඉටු කරන්නට උත්සාහ කරන අතර සමහ දිනෙක රාත්‍රියේ ලබාදෙන දුරකථන ඇමතුමකින් පසුදා නිබන්ධන පිලියෙල කරන අයුරු සිදුකරන ආකාරය දන්නේ ඔහුත් මමත් පමනි. සෑම විටම මුවග සිනහවක් රැඳි ඔහු වැඩමුළුවලට සාභාගිවන අය අතරේද සිත් දිනාගත්තා. එක්තරා දිනෙක වැඩමුලුවක් ආරම්භ කරන්නට පෙර මා වෙත පැමිනි ඔහු, එහි පැමිනි එක්තරා ගුරු මහතෙකු හඳුන්වා දුන්නේ ඔහුට ලබාදිය හැකි ඉහල සම්මාන සහිතව, සුලේක කිසිම විටෙක් එවන් හැඳින්වීමක් කිසිම කෙනෙකුට ලබා දී නොමැති නිසාත්, අතර තුර මා ඔහු හා කල කතාබහ නිසාත් එම ගුරුවරයා සමග හිතවත්කමක් ගොඩනංවා ගැනීමට මට හැකි වුනා. මේ අයුරින් චිත්‍ර කලාව පිලිබඳ උපාධියක් සහිතව තොරතුරු තාක්ෂන විෂය දකුනු පලාතේ නෙලුව ආශ්‍රිත ගම්මානයක ඉගැන්වු “සාගර සඳරුවන්” මම මුලින්ම දැන හඳුනාගත්තා. හදිසියේම සාගර ගැන සටහන් කලේ පසුගිය 17 වනදා මම සාභාගිවූ චාරිකාව ගැන සටහනක් තිබීමේ අරමුනින්.

මගේ පුංචි පුතුගේ ළදරු පාසලේ පොසොන් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන දානමය පින්කම වෙනස් ආකාරයකින් සිදුකරන්න තීරනය වෙන්නේ අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට පරිත්‍යාගයක්  ලබාදීමේ යෝජනාවකින්. ඒ වෙනුවෙන් සහය දැක්වීමක් ලෙස බලාපොරොත්තුවන ආකාරයේ පාසලක් සොයා දීමේ කාර්ය භාරයට මගේ සහයෝගය ලබා දීමට එකඟතාවය පලවුනා. නිවසට පැමිනි වහාම මම සාගරට ඇමතුමක් ලබාගත්තේ අපගේ ඉලක්කය සපුරාගත හැකි පාසලක් සොයාගැනීම වගකීම සාගර වෙත පැවරීමේ අරමුනින්. කිසිදු පැකිලීමකින් තොරව එම කටයුත්ත බාරගත් සාගර දින කිහිපයක් ඇතුලත පාසල් දෙකක තොරතුරු මා වෙත ලබා දුන්නා. ඒ අතරින් නෙළුව දේවාලගම කනිෂ්ඨ විද්‍යාලය අපගේ කටයුත්ත වෙනුවෙන් තෝරාගත්තේ බොහෝ කරුනු කාරනා සලකා බැලීමෙන් පසුව. එම පාසලේ විදුහලපතිතුමා සහ පුතුගේ ළදරු පාසලේ මුල් ගුරුතුමිය අතර සම්බන්ධතාවය ගොඩ නැගීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සියල්ල ළදරු පාසල හරහා සිදුවුනා.

දරු දැරියන් 55 දෙනෙකු පමණ ලියාපදිංචි දේවාලේගම කනිෂ්ඨ විද්‍යාලයට බොහෝ විට දිනකට පැමිනෙන්නේ සිසුන් 45ක පමන ප්‍රමානයක් බව එහි විදුහල්පතිතුමා මා දුරකථනයෙන් ඇමතු මොහොතක සඳහන් කලා. තේ වතු ආශ්‍රිත ගම්මානයක ඉතා දුශ්කර ජීවන රටාවකට හැඩගැසුන පවුල් රැසක දෙමාපියන් සිය දරුවන් මෙම පාසල වෙත අකුරු කරන්නට එවන්නේ දහසකුත් අඩු ලුහුඬුකම් මැද බව හොඳින් හඳුනා ගත්තේ පාසලේ අඩු පාඩු ලැයිස්තුගත කර එවා තිබුන ලිපිය කියවීමෙන්. පුංචි කොන්ඩා පටියක සිට විදුහලේ කොඩි ගහ දක්වා “හැකිනම්” සපයාදිය හැකි අඩු ලුහුඬු ලැයිස්තුව පන්තියෙන් පන්තිය වෙන වෙනම් සකස් කර තිබුන අතර පොදු අඩු පාඩු වෙනම ලැයිස්තුගත කර තිබුනා. සති කිහිපයක් ඇතුලත ලදරු මුල් ගුරුතුමියගේ මූලිකත්වයෙන් සියලු කටයුතු සංවිධානය වුනා. ඒ වෙනුවෙන් අදරු පාසලේ පුන්චි දරු දැරියන්ගේ දෙමාපියන්ගෙන් ඉහල දායකත්වයක් ලැබුනා. අවුරුද්දක් අකුරු කරන්න පොත්, පෑන්, පැන්සල්, මකන, ගම්බෝතල්, පාට පැන්සල්, අඩි රූල් හරියට අපි පුංචි කාලේ පොත් ලැයිස්තුව අරන් ආව වගේ.. පෑන් පැන්සල එකතු කරල ලස්සන පුංචි පැන්සල පෙට්ටියකටත් දාලා.. ඒ ඔක්කොම එකට දාල තෑගි දෙන්න ලස්සන පාසල් බෑග් එකක් හැමෝටම… එක එක පන්තියට එකම පාටින්.. බෑග් සියල්ලම එක් අයෙක් පරිත්‍යාගක් ලෙස ලබා දුන්නා. පොදු අඩු ලුහුඬුකම් වෙනුවෙන් වෙනම පාර්සල් කිහිපයක් සකස් වුනා, පුංචි පුස්තකාලයක් වෙනුවෙන් රාක්ක පෙට්ටියකුත් එකතු වුනා. මුල් ගුරුතුමියගේ පරිත්‍යාගයක් ලෙස සියලුදෙනාට  සපත්තු මේස් වෙනුවෙන් වවුචර් සකස් වුනා.. හැම දෙයක්ම පොදි බැඳගේන අපි අපේ ගමන පටන් ගත්තා, ජුනි මාසේ 17 වෙනිදා උදේ 7.30 ට පන්නිපිටියේන් ගමන් ඇරඹු අපි අධිවේගී මාර්ගය ඔස්සේ කුරුඳුගහ දක්වාත් එතැනින් ඇල්පිටිය හරහා නෙලුවට ලඟා වුනා. දවල් 11.30 පමන වන විට දුෂ්කර මගක් ගෙවා දේවාලගම කණිෂ්ඨ විද්‍යාලය අසලට පැමිනියත් පාසල් භූමියටම පැමිනි බස් රථය ලඟාවිය නොහැකි නිසා සියළු තෑගි බෝග කරපින්නාගත් අප පාසල් භූමියට පිය නැගුවා.

ලංකාවේ පාසල් බොහොමයක වටාපිටාව සහ යටිතල පහසුකම් ගැන දල අවබෝධයක් තිබුනත්, එකම ගොඩනැගිල්ලක අකුරු කරන පාසලක් මුලින්ම දෑසින් දැකගන්න දේවාලගමදි හැකිවුනා. අපිව පිලිගන්න සූදානම් කල “තූර්යවාදක කණ්ඩායම” පෙරටු කරගෙන අපි පාසල් ගොඩනැගිල්ල වෙත ලඟා වුනා. ඒ පුංචි  “තූර්යවාදක කණ්ඩායම” ගැන ලියන්නට මට වචන නොමැති නිසා එහි ඡායාරූපයක් පමනක් එකතු කරන්න මම තීරනය කලා.. මට ලියන්න නොහැකි දහසක් දේ ඒ ඡායාරූපය ඔබට කියාවි. තූර්ය වාදක කණ්ඩායම වෙනම එක රැස් කර ඡායාරූපයක් ගන්න උත්සාහ කලත්, ඒ දරු දැරියන් ඉතා ඉක්මනින් ශාලාවේ තම අසුන් වෙත දිව ගියේ, පුංචි සුනංගුවකින් තමාට අහිමිවන්නට යන දෙයක් ගැන සිතාගෙන බව ඔවුන් මට දැක්වූ ප්‍රතිචාර වලින් හැඟුනා

පුංචි පිලිගැනීමකින් පසු අපි රැගෙන ආ තෑගි සියල්ලම ඉතාම පිලිවෙලින් බෙදී ගියා. වයසින් ඉහල සිසු සිසුවියන් කිහිපදෙනක් සිටියත් ඔවුන් අකුරු කලේ දෙවන ශ්‍රේණියට සමගාමී “සාක්ෂරතා පන්තියේ”. කිසි දිනෙක පාසල් නොපැමින වයසින් මුහුකුරා ගිය ඔවුන් ගම්මානය තුලින් සොයාගෙන අවම වශයෙන “සාක්ෂරතාවය” ඉගැන්වීමේ අරමුණින් මෙම පන්තිය සකසා තිබුනා.. තැගි ගත්ත හැමෝම ඉන්නෙ හරිම සතුටින්, ඒ බව ඔවුන් වෙනම ප්‍රකාශ නොකලත් ඒ සතුට ඔවුන්ගේ මුහුන තුල පැහදිලිව දිස්වුනා. පුංචි දරුවො තෑගි අරන් වැඳ වටෙද්දි ඔවුන්ගේ දෙපතුල් වලින් දිස් වුන රළු බව  ඔවුන්ගේ ජීවන රටාවේ කර්කෂ බව මොනවට දිස්වුනා. බොරලු පොලවක, තාර පාරක කිසිදා පය නොතැබූ කුමර කුමරියන් සිටිනා අපේ රටේ තවත් අන්තයක සැබෑ කථාව ඒ පුංචි දරු දැරියන් අපට කීවා. ඇඟිලි තුඩු අග රැඳි තේ කහට, සුදු ඇඳුමේ තැවරුන කුනු පැල්ලම, පැලී ගිය රලු දෙපතුල් ප්‍රාථමික පාසලක දරු දැරියන් වු ඔවුන්ගේ ජීවිතයේ තවත් නොකී කතාවක් සටහන් වුනා

ඒ සියල්ල එසේ අවසන් වෙද්දී එම උත්සවය මෙහෙයවු ගුරු මහතා දෙමාපියන් අමතා කියූ කතාව තුල එම පාසලේ සැබෑ අරමුණ හොඳින් පැහැදිලි වුනා. “අපි ඔබේ දරුවා විභාග පාස් කරල විශ්ව විද්‍යාලයට යනවාට වඩා, අනුන්ගේ  රැවටීමහකට හසු කරගත නොහැකි, වරදට පොලඹවා ගත නොහැකි, සමාජයට නිවැරදිව මුහුන දිය හැකි දරුවන් පිරිසක් බිහිකිරීම වෙනුවෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ..  ඒ නිසා ඔබේ දරුවා පාසල් එවන්න..” සැබැවින්ම මෙම ප්‍රකාශය තුල උසස් සමාජ මෙහෙවරක අරමුණ පැහැදිලි වුනා. තම දරුවා විභාග පාස් කර මොනවා කරන්නද යන සිතුවිලි තුල ජීවත් වන දෙමාපියන්ගෙන් දරුවන් මුදාගෙන ඔවුන්ගේ අඩුපාඩු සම්පූර්න කර සමාජයට නිවැරදි මිනිසෙකු බිහිකිරීමේ මූලික අඩිතාලම වෙනුවෙන් එම පාසලේ විදුහල්පති තුමා සහ ගුරු මණඩලය දරන උත්සාහයට අපේ පරිත්‍යාගයන් මහත් පිටිවහලක් වුනා..

සියල්ල අවසන සතුටු සිනා රැඳි මුහුනින් සියළුදෙනා විසිර යද්දී අප වෙනුවෙන් සැකසුන, කොස්, මයියොක්කා, කිරි හොදි සහ පොල් සම්බල සමග සප්පායම් වී.. නැවුම් කහට කෝප්පයක් සුදු හකුරුද සමග රස බලා නැවත කොලඹ බලා එන්න පිටත් වුනේ හද පිරි සතුටකින්. දෙවාලේගම පුංචි පාසලේ අද දවසේ අකුරු කරන පුංචි දුවල පුතාලගේ ඒ සතුට හැමදාමත් තියාගන්න අපි ආයෙත් දවසක එහෙට එන බලාපොරොත්තුවත් සමගින් බස් රථයට ගොඩවුනේ ගමෙන් අපට සූදානම් කල දෙල් ගෝනියකුත් බස් රථයට පටවාගනිමිනි.


Advertisements

5 Responses to “දේවාලමුල්ලේ පුංචි පාසලට…”

  1. wasaa Says:

    මම හක්මන වසන්ත. දෙනුවන් සර් නිසා තමයි අද මම මේ තත්ත්වෙ ඉන්නේ. සර්ගේ වර්ක් ෂොප් වල මම තමයි ඉස්සරහින්ම ඉන්නේ. සර් කිහිප වරක්ම කියලා තියනවා වසන්ත තමයි මගේ හොදම ගෝලයා කියලා. සර් ඒ අතරතුරේ අමතර අයි.ටි. ඇනුමත් මට දීලා තියනවා. සර්ට මතකද ෆොටෝෂොප් වල රෙකෝඩ් කරලා බැජ් කරන හැටි කියලා දුන්නා.සර් අපෙන් ටිකක් ඈතිවීම අපට ලොකු පාඩුවක්. සර්ට ජය වේවා!

  2. arunasir Says:

    /*මේ සියලු දෙනා වෙත පැවති වැඩමුළු වලදී තොරතුරු තාක්ෂණ සම්පත් දායකත්වය ලබා දෙන අතරතුර මට සහය දුන් පිරිසක් එම ආයතනයේ හිටියා. ඒ අතරින් සුලේක අමතක නොවන කෙනෙක්.*/
    I too agree With You sir. Of course Sagara Is a Wonderful Teacher.Miss you All.

  3. Rasangi Liyanage Says:

    hats off

  4. Roshan Samaradheera Says:

    ඔක්කොම කියෙව්වත් මොනවද මම “කමෙන්ට්ස්” වල ලියන්නේ කියලා හිතාගන්න බැරිවුනෙ මයෙ හිතේ ගොඩාක් දේවල් මතක් වුනු නිසා වෙන්න ඇති….කෙටියෙන් කියන්නම්….. දෙනුවන් සර් ඔබ හරියටම හරි…තව දෙයක් …, ඔබ දුන් දේවල් අපට හරියට වටිනවා. කාලෙකින් කතා කලේ පහුගිය දවසක නේද? …ඒ දවස් හරි සුන්දරයි..ගත්ත දේවල් බොහොමයයි…..ඒ වගේම සතුටුයි කියන්න අපේ දරුවන්ටත් බොහොම දෙවල් දෙන්න අපට පුලුවන් උනා…. ඇත්තටම “සුලේක” කියන්නේ සුන්දර මිනිසෙක්. අපට සෑහෙන උදව් කරලා තියෙනවා. හැබැයි මොකුත් ඉල්ලලා නම් නෑ. තමා විස්වාශ කරන “දර්ශනය” හරියටම ඇගේ තියෙන කෙනෙක්. ඉක්මනටම් කෝල් එකක් සුලේකට ගන්න මේ කතා බහ හේතුවුනා. ඒකට ඔබලාට තුති. නැතිවෙන්න යන හොද දෙවල් සුන්දර මිනිසුන් ඇසුරු කලහම නැතිවෙන්නේ නැති බව ආයෙත් වතාවක් ඔප්පු උනා.
    රොෂාන් සමරධීර


  5. “අපි ඔබේ දරුවා විභාග පාස් කරල විශ්ව විද්‍යාලයට යනවාට වඩා, අනුන්ගේ රැවටීමහකට හසු කරගත නොහැකි, වරදට පොලඹවා ගත නොහැකි, සමාජයට නිවැරදිව මුහුන දිය හැකි දරුවන් පිරිසක් බිහිකිරීම වෙනුවෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ.. ඒ නිසා ඔබේ දරුවා පාසල් එවන්න..” ……. අධ්‍යාපනයේ සැබෑ අරමුණු හඳුනාගත් ඒ විදුහල්පතිතුමාටත් ගුරුවරුන්ටත් මගේ උපහාරය. බොහෝ අය අධ්‍යාපනය ගැන දරන අදහස් වලට වඩා මේ දර්ශනය ඉතාම ඉහලයි. මේ වගේ ගුරුවරු, විදුහල්පතිවරු, මුළු රටටම ආදර්ශයක්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: