ජුනි 3 වනදාට දින වැටෙන්න මතකයේ සටහනක් ලියන්න වෙලාවක් සොයාගන්න බැරි තරමට අවිවේකි වුනා. නාලන්දාවේ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන “ෆියුචර් මයින්ඩ්ස්” අධ්‍යාපනික ප්‍රදර්ශණය වෙනුවෙන් කරන කාර්යය භාරයේ ලොකු වැඩකොටසක් සති අන්තයේ අවසන් කරන්න හැකි වුනා. එහි වෙබ් අඩවිය යාවත්කාලින කිරීම තමයි ඉතිරි වෙලා තිබුන ලොකුම ඉලක්කය. දැන් ඒ වැඩේ ඉවරයි. ඒත් එක්කම 03 වනදා රාත්‍රියේ නැවුම් අත්දැකීමක් ලැබුන සුහද හමුව සංවිධාන වුනා. ඇනස්ලි මාලෙවන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු සමග එකට එක්ව ගී ගයන්න හැකි “සින්ග් අලෝන්” ලෙස නම්වුන මෙම සුහද හමුව නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල එකක්. නාලන්දාවේ 93 කණ්ඩායමේ මිතුරන් බොහෝ දෙනෙක් ද එහි පැමින හිටියා. කාලෙකට පස්සේ හමුවුනත් තොරතුරු කතා කරන්න වෙලාවක් නොලැබුනත් වසර 18 කට වඩා වැඩි කාලකට පසු හමුවුන මිතුරන්ද ඒ අතර හිටිය..

පූර්ණ කාහිංගලගේ හමුවීම මතකයේ සටහනක් ලියන්න තරම් අතීතයට මාව අරන්ගියා, මේ සටහන පූර්ණ ගැන නොවුනත්.. පූර්ණත් එකට සම්බන්ධයි.. අපි නාලන්දාවේ උසස්පෙල හැදැරුවේ එකම පන්තියක.. “13 ඒ” අපේ කාලේ තිබුන ජනප්‍රියම “ගණිත” පංතිය.. “සියලු රස සපිරි” පන්තියක් කිව්වොත් ලෙහෙසියෙන්ම අපේ කට්ටිය ගැන නිර්වචනය කරන්න පුළුවන්. නිදහසක් ලැබුන සැනින් “නෛසර්ගික හැකියාවන්” ඔප්නංවන්න තමයි අපේ කට්ටිය බලාගෙන හිටියේ.

Read the rest of this entry »

ඊයේ රාත්‍රිය වනතුරුම නාලන්දාවේ ගත කරල එනවිට දැනුන තෙහෙට්ටුව නිසා අද සටහන ඊයෙ ලියනන බැරිවුනා.. මතකයේ සටහන් මගේ අතින් ලියවෙද්දි, ඒ හා බැඳුන බොහෝ දෙනෙක් ඒවා කියවා එවා තිබුන ප්‍රතිචාර සහ මතක ආවර්ජන ගැන ස්තුති කරන්න ඕනේ. අවුරුදු ගනනාවක අතීතය කොහොමද එක වරම ලියන්නෙ.. හරියටම කියනවනම් අර “මහා පතරංග ජාතකය” වගේ දිග කතාවකින්.. පුංචි පුංචි කොටස් තමයි ලියවෙන්නේ..

ගම් මැද්දෙන් පිපෙන කැකුළු ලිපියට ප්‍රතිචාර එවපු පුංචි දුවල පුතාල ගෙ සටහන් දැක්කම මට ගොඩක් සතුටුයි.. ඒ හැමෝටම මගේ සුබපැතුම්.. මගෙ ගැන මතකයෙ තිබුනට වඩා අපි හමුවී බෙදා හදාගත් දැනුමෙන් ලොකු දුරක් ඔයාල ආපු බව දැනගන්න ලැබීම සතුටක්. යලි දිනයක් වෙලාවක් ලැබුනොත් මම ඇවිල්ල යන්න එන්නම්.

Read the rest of this entry »

ඔහු මට හමු වුනේ “යංඒෂියා” ආයතනයේ හිටපු කාලෙදි.  2002 අවුරුද්දෙ ජනවාරි පලවෙනිද තමයි මම “යං ඒෂියා” ආයතනයට එකතුවෙන්නෙ නරද අයියාගේ හඳුන්වාදීම හරහා “වෙබ් අඩවි නිර්මාන සහ පාලන” කටයුතු සඳහායි. “යං ඒෂියා” හි ග්‍රැෆික් අංශයට මාව අනියුක්ත කලත් මට ලැබෙන්නෙ “ප්‍රඩක්ෂන්” එකේ මේසයක්.. තේ වෙලාවට පහලට බහින් හැම කෙනෙක්ම වගෙ මම හිටපු තැනින් තමයි එහා මෙහා ගියෙ.. කාලයක් යනකොට ආයතනයේ හිටපු බොහෝ දෙනෙක් වගේම ඔහුත් මගේ එක්ක හිතවත් වුනා.

Read the rest of this entry »

මතකයේ සටහන එක්ක සිංහරාජය පැත්තට යන්න තීරනය කලේ සොබා සෞන්දර්ය ගැන කතා කරන්න නොවේ. මේ කතා කරන්නේ සිංහරාජ වනපෙත් සීමාවේ තියෙන පුංචි වුනත් ලොකු වැඩ කරන පාසලක් ගැන. කතාව කියන්න කලින් මේ ගමට මට යන්න වුනේ ඇයි කියන එක ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.

මම ඩී.එල්.සී ආයතනයේ සේවය කරන කාලෙදි අධ්‍යාපන අමාත්‍යංශය යටතේ “දැනුමැති සමාජයක් උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය” සංවිධානය කල ගුරු පුහුණු වැඩමුළු බොහොමයකට සම්පත් දායකත්වය දෙන්න අවස්ථාව ලැබුන. ඒ හා සම්බන්ධ වුන පාසල් බොහොමයක් නගරයෙන් ඔබ්බට පිහිටල තිබුන සාමාන්‍ය පාසල්. නගරයේ සුපිරි පාසල්වලට ඇති පහසුකම් වලින් අල්පයක් තරම් පහසුකම් ලද එම පාසල් බොහොමයක් වෙනුවෙන් මහත් කැපවීමකින් වැඩකටයුතු කරන ගුරුභවතුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට මෙන්ම ඔවුනට නිසි මග පෙන්වීමේ වාසනාවද ඒ කාල තුල මට ලැබුනා. දිවයින පුරා විසිරුන පිරිසක් හඳුනාගැනීමේ වාසනාවද මේ කාලය තුල මට ලැබුනා.

Read the rest of this entry »

සරසවියෙදි වැඩිම කාලයක් මම ගතකල “ඩී 14” නවාතැනේ අනිත් කාමරේ හිටපු කෝසල ගෙදර ගිහින් එනදාට අමුතු අමුතු ගැජමැටික් අරගෙන එනවා. එක දවක් ඔය වගේ ගෙදර ගිහින් ආපු දවසක රබර් කැරපොත්තෙක් අරගෙන ඇවිත් තිබුනා. ඔයවගෙ දෙයක් අරගෙන ආවම ඒකෙන් කරන්න පුලුවන් දෙවල් ගැන සැලසුම හදන්නෙ අපේ කාමරේ. එදා සවස සුපුරුදු අයුරින් ක්‍රීඩා කරන්න කලින් අපි “මිෂන්” එක සැලසුම් කලා.

ධර්මරාජේ ඉඳල සරසවියට ඇවිත් “ගල්” විශේෂ උපාධි පාඨමාලව හදෑරුවත් “කැරපොත්තෙක්” දුටු විගස ඇඟ කිලිපොලායන මලවි එදා නවාතැනට අපිත් එක්ක ඇවිල්ල හිටියෙ නෑ. නිදාගන්න ඇඳේ කොට්ටේ උඩ පිලිවෙලට සරම සහ පොරවනය නමල යන පුරුද්ද මලවිට තිබුනා. අපි සැලසුම් සහගතව පොරවනය සහ සරම අතරින් රබර් කැරපොත්ත ස්ථානගත කලා.

Read the rest of this entry »

ඩී 14

May 29, 2012

කලින් ලිපිය බ්ලොග් එකට එකතු කරල පැය 24ක් යන්නත් කලින් ලැබුන ප්‍රතිචාර සැබවින්ම මට ලොකු සතුටක්. සරසවියෙන් පිටවෙලා අවුරුදු 12ක් ගත වුනත් අපි ගැන මතකය තවමත් ගිලිහිලා නැහැ. මම ” මතකයේ සටහන” ලියන්න හිතුවේ සරසවි ජීවිතය පමනක් ආවර්ජනය කරන්න නොවේ. එත් දැන් ඒක ගැන දිගටම ලියවෙන්න පටන් අරන්.

Read the rest of this entry »

සරසවියේ මතකය අවදි කරමින් කලින් ලිපිය ලියද්දි තවත් බොහෝ සෑඟවුන මතකයන් අවදි උනා.. පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට මුලින්ම අපි පිය නැගුවෙ ඉංග්‍රීසි පාඨමාලාවට සාභාගිවෙන්න. කුඩා කණ්ඩායම් වලට වෙන්කල අපේ ඉංග්‍රීසි පාඨමාලාව වෙන වෙනම් පන්තිවලට පැවැත්වුනා. ලංකාවේ නන්දෙසින් සරසවියට තෝරාගත් පිරිසක් එයට සාභාගිවුනා. සරසවිට මුලින්ම පියනගද්දි ඇඟ කිලිපොලා යන වචනය තමයි “නවක වදය”, එහෙමත් නැතිනම් “රැග්” එක, ඉංග්‍රීසි පාඨමාලාවත් එක්කම “රැග්” එකත් අපේ කට්ටියට පටන් ගත්තා. “රැග්” එක කියන්නෙ මොකකද කියල හරි දැනුමක් නොතිබුනත්, වෙන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුතුහලයක් අපි ඔක්කොටම තිබුන.. දිවා ආහාරයට “විජෙවර්ධන” ශාලාවේ කැන්ටිමට අපි ඔක්කොම එක රොත්තට ඇදුන.. එකෙ හිටපු අයියල අක්කල අපි දිහා බැලුවේ පුදුම විදිහකට.. දවස දෙක ගෙවිල ගියා, අපේ නම, ඇඳුම, පාවහන්, ෆයිල් කවර සහ කොන්ඩය වෙනස් කල යුතු ආකාරය ගැන දැනුවත් කලා. හරියට බැලුවොත් අපේ බාහිර ඔපය වෙනස් කරල එකට අලුත් නමක් දැම්ම වගෙ වැඩක් කරන්න හදන්නෙ. ඩෙනිම්, ටී-ෂර්ට් තහනම් කලා.. කඩදාසි ෆයිල් කවර අතට ආව, පොලිමේ ආ පස්සට ගියා, බත් පත් එකට අනාගෙන හවුලෙ කැවා.. මට ෂර්ට් තිබුනෙ නැති නිසා සති අන්තෙ ගෙදර ගිහින් ටවුමෙන් ෂර්ට් 3ක් ගත්තා.. හැමෝටම ඩෙනිම් ටී ෂර්ට් නැති නිසා අපේ ඇඳුම වෙනස් කලත්, මම නම් තිබුන ඇඳුම් අඳින්න තහනම් නිසා අලුත් ඒවා ගත්තා.

Read the rest of this entry »